සිංහල බෞද්ධ දින දර්ශණයට අනුව අප්‍රේල් මාසයේ එනම් බක්මහේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය, ශ්‍රී ලංකික සිංහල හින්දු භක්තිකයෝ නව වසර උදාවන දිනය ලෙස සමරති. ශ්‍රී ලාංකිකයන්ට සංස්කෘතික වශයෙන් වැදගත් මහා සංස්කෘතික මංගල්‍යයක් වන මෙය "අලුත් අවුරුද්ද" ලෙසට හැදින්වෙනවා.
අබුඩාබියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවත් මෙවර බක්මහ උළෙල අති උත්කර්ෂවත්ව සැමරුවා.
අබුඩාබි තානාපති කාර්යාලය හා බැඳුනු අබුඩාබි සංස්කෘතික පදනම විසින් 06 වන වරටත් සංවිධානය කරන ලද බක්මහ උළෙල 2018, අබුඩාබි සිටි ගොල්ෆ් ක්‍රීඩා පිටියේ දී 2018.04.20 වන දින දවස පුරා පැවැත්වූයේ මෙතෙක් පැවති හොඳම බක්මහ උළෙල ලෙස කාගෙත් පැසසුම් ලබමින්ය.
නොමිලයේ පැවති මෙම බක්මහ උළෙල සදහා 5000 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගීවීම විශේෂත්වයකි.
Comments
Post a Comment