ඇමෙරිකාවේ නව රාජ්ය ලේකම් ලෙස එම තනතුර බාර ගත් මයික් පොම්පේයෝ සෞදියට පැමිණියේය.
මයික් පොම්පේයෝ සෞදියේ රියාද් බලා පැමිණියේ, මැද පෙරදිග කලාපයේ තෙදින නිල සංචාරයක් අරඹමිනි.
ඇමෙරිකන් රාජ්ය ලේකම්වරයා සහ සෞදි විදේශ ඇමැති අබ්දෙල් අල් ජුබීර් අතරේ කලාපීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
පොම්පේයෝ වෙනුවෙන් සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමද් බින් සල්මාන් කුමරු විශේෂ රාත්රී භෝජන සංග්රහයක් ද පැවැත්වීමට නියමිතව ඇතැයි ද පැවැසෙයි.
Comments
Post a Comment