මේ දොරටු සතරේ දෙවිවරුන් සහ යක්ෂයන් කැටයම් කළ ගල් කැටයම් දකින්න ලැබේ.
අන්කෝර් පුරයට අයත් තවත් විශිෂ්ඨතම නිර්මාණයක් වන්නේ ‘අන්කෝර් වට්’ය. මෙය ලොව විශාලතම ආගමික ගොඩනැගිල්ල ලෙස සැළකෙයි. පුරාණ කාම්බෝජයේ වාස්තු විද්‍යා සම්ප්‍රදායට අයත් විශිෂ්ඨතම නිර්මාණය මෙම ගොඩනැගිල්ල ලෙස ප්‍රකටය. මෙය ඉදිකර ඇත්තේ දෙවැනි විජයවර්මන් රජුගේ සමයේදීය. ඒ විශ්ණු දෙවියන් උදෙසා පුද පූජා කිරීමට ය.
එහෙත් හත්වැනි විජයවර්මන් රජු මෙම ගොඩනැගිල්ල බෞද්ධ පන්සලක් බවට පරිවර්තනය කළේය. මෙය අදත් බෞද්ධ පූජනීය ස්ථානයකි. මෙය වටා ද සමචතුරස්‍රාකාර දිය අගලක් ඉදි කර තිබේ.
කෙමර් අධිරාජ්‍යයේ සූර්යවර්මන් රජුගේ සොහොන පිහිටා ඇත්තේ ද අන්කෝර් වොට් පරිශ්‍රයේ බව පැවැසෙයි. එම සොහොන් ගෙය ඉදිකර ඇත්තේ බටහිර දිශාවට මුහුණ දෙන ආකාරයටය. අන්කෝර් වොට් පමණක් නොව අන්කෝර් පුරය ද විශ්ව කීර්තියට පත් ස්ථානයක් බවට පත් වී ඇත්තේ එහි වාස්තු විද්‍යාත්මක වටිනාකම නිසාය. මෙහි බිම් සැලැස්ම ද කැපී පෙනෙයි.
Comments
Post a Comment