Skip to main content

Posts

Showing posts from April, 2018

කාම්බෝජයේ අභිමානය

මේ දොරටු සතරේ දෙවිවරුන් සහ යක්ෂයන් කැටයම් කළ ගල් කැටයම් දකින්න ලැබේ. අන්කෝර් පුරයට අයත් තවත් විශිෂ්ඨතම නිර්මාණයක් වන්නේ ‘අන්කෝර් වට්’ය. මෙය ලොව විශාලතම ආගමික ගොඩනැගිල්ල ලෙස සැළකෙයි. පුරාණ කාම්බෝජයේ වාස්තු විද්‍යා සම්ප්‍රදායට අයත් විශිෂ්ඨතම නිර්මාණය මෙම ගොඩනැගිල්ල ලෙස ප්‍රකටය. මෙය ඉදිකර ඇත්තේ දෙවැනි විජයවර්මන් රජුගේ සමයේදීය. ඒ විශ්ණු දෙවියන් උදෙසා පුද පූජා කිරීමට ය.  එහෙත් හත්වැනි විජයවර්මන් රජු මෙම ගොඩනැගිල්ල බෞද්ධ පන්සලක් බවට පරිවර්තනය කළේය. මෙය අදත් බෞද්ධ පූජනීය ස්ථානයකි. මෙය වටා ද සමචතුරස්‍රාකාර දිය අගලක් ඉදි කර තිබේ. කෙමර් අධිරාජ්‍යයේ සූර්යවර්මන් රජුගේ සොහොන පිහිටා ඇත්තේ ද අන්කෝර් වොට් පරිශ්‍රයේ බව  පැවැසෙයි. එම සොහොන් ගෙය ඉදිකර ඇත්තේ බටහිර දිශාවට මුහුණ දෙන ආකාරයටය. අන්කෝර් වොට් පමණක් නොව අන්කෝර් පුරය ද විශ්ව කීර්තියට පත් ස්ථානයක් බවට පත් වී ඇත්තේ එහි වාස්තු විද්‍යාත්මක වටිනාකම නිසාය. මෙහි බිම් සැලැස්ම ද කැපී පෙනෙයි.

කස්ත්‍රෝලා නැති කියුබාව

ඇමෙරිකාවේ පළමු කළු ජනාධිපතිවරයා ද මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට එහි පැමිණ සිටියේය. ඒ, බැරැක් ඔබාමා ය. ඔබාමා සහ රාවුල් කස්ත්‍රෝ හමු වී ‘කුටුකුටු ගාන’ ඡායාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. මාස කිහිපයක් යද්දී, ඔබාමාගේ මැදිහත් වීමෙන් දශක ගණනාවක් තිස්සේ නවතා දැමුණු ඇමෙරිකා කියුබා සබඳතා යළි අලුත් විය. ඇමෙරිකා තානාපති කාර්යාලයක් හවානා නුවර දී පිහිටුවීය.  ඇමෙරිකන් සමාගම් කියුබාවේ ආයෝජනවලට යොමු විය. හොලිවුඞ් චිත්‍රපට කියුබාවේ රූගත කෙරුණි. ඇමෙරිකන් සංචාරක නැව් කියුබාවට පැමිණෙන්න විය. කියුබා ඇමෙරිකා මගී ගුවන් සේවා ඇරැඹිණි. ඩිමොක්‍රටික් පාක්ෂික ඔබාමා, බිරිඳ මිෂෙල් සහ දියණියන් දෙදෙනා සමඟ කියුබාවේ සංචාරය කළේ කියුබාවට පැමිණි පළමු ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙසිනි. ෆිදෙල් කස්ත්‍රෝ, ඔබාමා පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ද, රාවුල් කස්ත්‍රෝ ඔබාමා උණුසුම් ලෙස පිළිගත්තේය.

බ්ලැක් පැන්තර් සෞදියේ

වසර 40 ක සිනමා සහ සිනමාශාලා තහනම ඉවත් කරමින් සෞදි අරාබිය පසුගිය (18) එරට පළමු වාණිජ සිනමාශාලව විවෘත කළ අතර, සිනමා හලේ ප්‍රදර්ශනය කෙරුණු පළමු චිත්‍රපටය ‘බ්ලැක් පැන්තර්’ ය. සාම්ප්‍රදායික මුස්ලිම් රාජධානියක් වන සෞදි අරාබිය නවීකරණය කිරීමේ එරට ඔටුන්න හිමි කුමරුගේ වැඩසටහන යටතේ එලෙස සිනමාශාලා ඉදි කිරීම සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලදි. චිත්‍රපට ශාලාවේ ප්‍රදර්ශනය කෙරුනු පළමු චිත්‍රපටය ‘බැලැක් පැන්තර්’ මේ වනවිට ලොව බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවා අවසන්ය. චිත්‍රපටය පසුගිය සිකුරාදා (20) මහජන ප්‍රසිද්ධිය සඳහා ආරම්භ කරන ලද අතර ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ වූයේ පසුගිය බ්‍රහස්පතින්දාය (19) සිටය. ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදිය තෙල් මත යැපීමට අමතරව එරට ආර්ථිකය නවීකරණය කිරීම සඳහා එරට ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් කුමරු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ. සිනමාශාල විවෘත කිරීම එම වැඩසටහනේ සුවිශේෂී සංධිස්ථානයකි.

ඓතිහාසික හමුව

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වන ‘කොරියන් සමුළුව’ දෙරට දේශසීමාවේදී ආරම්භ විය. උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. සමුළුව ඇරැඹුණේ දැඩි ආරක්ෂාවක් මැදය. දකුණු කොරියානුවන් උතුරු කොරියානු නායකයා පිළිගැනීමට පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි. උතුරු කොරියානු  නායකයා සමඟ ඔහුගේ නැගණිය ඇතුළු උතුරු කොරියානු රජයේ නියෝජිතයන් සහ හමුදා ප්‍රධානීහු ද සමුළුවට සහභාගීවීමට පැමිණ සිටිති. දකුණු කොරියානු නායකයා උතුරු කොරියානු නියෝජිත පිරිස සමඟ සමරු ඡායාරූපවලට ද එක් විය. සමුළුව පැවැත්වෙන්නේ දේශසීමාවේ, දෙරටටම පොදු ‘සාම නිවස’ යන නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේදීය. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දේශසීමාවේ දකුණු කොරියාවට අයත් පාජු පළාතේ පන්ජුන්නොම් දේශසීමා ගම්මානයට ද පැමිණියේය.

අබුඩාබි බක්මහ උළෙල

සිංහල බෞද්ධ දින දර්ශණයට අනුව අප්‍රේල් මාසයේ එනම් බක්මහේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය, ශ්‍රී ලංකික සිංහල හින්දු භක්තිකයෝ නව වසර උදාවන දිනය ලෙස සමරති. ශ්‍රී ලාංකිකයන්ට සංස්කෘතික වශයෙන් වැදගත් මහා සංස්කෘතික මංගල්‍යයක් වන මෙය "අලුත් අවුරුද්ද" ලෙසට හැදින්වෙනවා. අබුඩාබියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවත් මෙවර බක්මහ උළෙල අති උත්කර්ෂවත්ව සැමරුවා. අබුඩාබි තානාපති කාර්යාලය හා බැඳුනු අබුඩාබි සංස්කෘතික පදනම විසින් 06 වන වරටත් සංවිධානය කරන ලද බක්මහ උළෙල 2018, අබුඩාබි සිටි ගොල්ෆ් ක්‍රීඩා පිටියේ දී 2018.04.20 වන දින දවස පුරා පැවැත්වූයේ මෙතෙක් පැවති හොඳම බක්මහ උළෙල ලෙස කාගෙත් පැසසුම් ලබමින්ය.  නොමිලයේ පැවති මෙම බක්මහ උළෙල සදහා 5000 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගීවීම විශේෂත්වයකි.

රෝහලෙන් යයි

විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් ආදිපාදවරිය ඔවුන්ගේ අලුත උපන් පුත් කුමරු ද සමඟ රෝහලෙන් පිටව ගියහ. ‘හරිම සතුටුයි. දැන් ඉතිං වගකීම් තුන් ගුණයකින් වැඩිවුණා’ යැයි ලන්ඩනයේ ශාන්ත මේරී රෝහලෙන් පිටවී යද්දී විලියම් කුමරු රැස්ව සිටි මාධ්‍යවේදීන්ට පැවැසීය. මාධ්‍යවේදීන් පමණක් නොව, රජ පවුලට ආදරේ කරන බ්‍රිතාන්‍ය වැසියන් සිය ගණනක් රෝහල ඉදිරිපිටට රැස්ව සිටියේ අලුත් කුමරු දැක ගැනිමේ ආසාවෙනි. කුමරුන්ට නම් තැබීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවත් එම කටයුතු ඉදිරියේ දී සිදු කරන බවත් විලියම් කුමරු වැඩි දුරටත් කියා සිටියේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් සෞදියේ

ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ලෙස එම තනතුර බාර ගත් මයික් පොම්පේයෝ සෞදියට පැමිණියේය. මයික් පොම්පේයෝ සෞදියේ රියාද් බලා පැමිණියේ, මැද පෙරදිග කලාපයේ තෙදින නිල සංචාරයක් අරඹමිනි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ සෞදි විදේශ ඇමැති අබ්දෙල් අල් ජුබීර් අතරේ කලාපීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. පොම්පේයෝ වෙනුවෙන් සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමද් බින් සල්මාන් කුමරු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතව ඇතැයි ද පැවැසෙයි.

ඇමැති සෙවිල්ලෙන්

කුවේට් සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන් ටෙලි නාට්‍ය, පුවත්පත්, සඟරා, සමාජ ජාලා, රූපවාහිනි සහ රේඩියේ වැඩසටහන්වලට සහභාගි වන කලාකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කුවේට් ඇමති, මොහොමඩ්හේයෆ් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා කෙටුම්පතක් කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.  කෙටුම්පතට අනුව,වරදිකරන පුද්ගලයන්ට එරෙහිව වසර තුනක සිරදඩුවමක් සහ කුවේට් ඩිනාර් 5,000 සිට 10,000 ක දඩමුදලක් ගෙවීමට සිදු වේ.

සෞදි ඇමෙරිකා මිතුදම් අගුණයි

සෞදිය සහ ඇමෙරිකාව අතර ඕනෑවට වඩා පවතින මිතුදම් මැදපෙරදිග කලාපයට හිතකර නොවන බව ඉරානය කියයි. ඉරාන රජය වෙනුවෙන් මෙසේ කියා සිටියේ එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ ප්‍රකාශක බහ්රාම් කසීම් ය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සෞදියේ සංචාරයකට ගියේය. එහිදී ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර, පොම්පේයෝ සහ සෞදි බලධාරීන්ගේ එක් ප්‍රධාන මාතෘකාවක් වූයේ ඉරානයයි.

ලක්ෂ පහක වට්ටක්කා වගාව දන්දෙයි

රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැයකොට වට්ටක්කා වගා කළ ද මේ දිනවල පවතින වෙළෙඳ පොළ තත්ත්වය අනුව ඒවා විකුණා ගත නොහැකි හෙයින් තම මියගිය මාපියන්ට පින් පතා වට්ටක්කා දන්සලක් පැවැත්වීමට පියවර ගත් බව ජයවීර ගොවි මහතා පැවැසීය. අක්කර පහේම මෙවර වට්ටක්කා අස්වැන්න ඉතා සරුවට තිබුණ බවද අලෙවි කළ නොහැකි හෙයින් ඒවා නෙළීම අතහැර දැමීමට මුලින්කල්පනා කළ නමුත් පසුව දන්සලක් දීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය. එම වට්ටක්කා තොගය ප්‍රදේශයේ තවත් ගොවි මහත්වරුන් පිරිසක් සමග එක්ව ටැක්ටර් හා ලොරිවල පටවා ගෙන ගලේවෙල, කලාවැව ප්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්ධියටම ගෙනැවිත් එතන දන්සලක් පැවැත්වූ බවද ඔහු කීය.